ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් දහස් ගණනක් සමාජයේ….! – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…..

July 7, 2021 at 11:57 am | by emanisa.lk

Covid-19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි.

“ඩෙල්ටා රෝගීන් තවත් නැහැ කියලා මම කොයිම අවස්ථාවකවත් කියන්නේ නෑ. එක් කෙනෙකු හමු වෙනවා කියලා කියන්නේ එවැනි රෝගීන් සමාජයේ දහස් ගණනක් ඉන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නිසා PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමේ යම්කිසි අඩුවක් තිබෙනවා. ඒ හරහා ඇතිවන රෝගීන්ගේ අඩුව සංචරණ සීමා අඩු කිරිමට හෝ ලිහිල් කිරීමට හේතුවක් කර ගන්නට බැහැ. අපි එහෙම හිතන්නෙත් නැහැ.

පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය මේ නිසා නව දාහකට පමණ බැස්සා. නමුත් ඊයේ වන විට ඒක පහළොස් දහස දක්වා වැඩිවෙලා තියෙනවා. එම ප්‍රමාණය තවත් වැඩි කරගෙන යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *