ඩෙල්ටා අවදාන සමග පළාත් සංචරණ සීමා දැඩි කරයි….! හෙට සිට දුම්රිය සහ බස් ධාවනය නවතා දැමේ…!

July 16, 2021 at 5:23 pm | by emanisa.lk

බස්නාහිර පළාතෙන් පිිට පළාත් සඳහා ධාවනය වූ දුම්රිය සහ බස් සේවා හෙට (17) දිනයේ සිට නැවත දැනම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

පළාත් අතර දුම්රිය ධාවනය නතර කිරීමට Covid- 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පලාත්වල සිට දුම්රිය හතක් ඉකුත් 14 වැනි දින කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *