ඩුබායි පාතාළ සාදයට ගිය බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මෙන්න!

February 10, 2019 at 5:20 am | by admin

ඩුබායිහිදී පැවැති මධුෂ්ගේ සාදයට එක් වූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මේ වන විට හඳුනාගෙන ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඔවුන් කළුතර බන්ධනාගාරයේ නිලධාරීන් වන ලලිත් කුමාර, රුක්ෂාන් සහ සංජීව තිදෙනා බවට වාර්තා වේ.

එම තිදෙනාගෙන් කිහිලිකරු ආධාරයෙන් සාදයට එක්ව තිබුණේ කඹුරුපිටියේ පදිංචිකරුවකු වන ලලිත් කුමාර වන අතර ඔහු කළුතර බන්ධනාගාරයේ සිට මධුෂ් ඇතුළු පිරිසට සියලු තොරතුරු ලබාදුන් පුද්ගලයා බවට සැක කෙරේ.

එසේම 2017 පෙබරවාරි 27 දින කළුතරදී සමයං ඇතුළු සත්දෙනෙකු ඝාතනය කිරීමට තොරතුරු සැපයු බන්ධනාගාර නිලධාරියාද ඔහු විය යුතු බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *