ඩුබයි සිට පැමිණි මගියෙකුට කොරෝනා! රෝගීන්ගෙන් අඩක් වැලිසර නාවික පොකිරින්!

May 8, 2020 at 12:44 pm | by emanisa.lk

ඊයේ (08) දිනයේ කොරෝනා ආසාධිත රෝගීන් 27 දෙනා අතර ඩුබායි සිට මෙරටට රැගෙන ආ ලාංකිකයෙක්ද සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර නාවික හමුදාවේ නිලධාරින් 24 දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 824ක් වේ. මේ අතරින් නාවික හමුදා සෙබළු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ප්‍රමාණය 400 ඉක්මවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස