ඩී එස්, ඩඩ්ලි, ජෝන්, ජේආර් සහ ප්‍රේමදාස කියන පංච මහ නායකයින් නැගිටලා ආවත් එජාපයට දිනන්න බෑ!

August 12, 2019 at 6:29 pm | by emanisa.lk

2015 දෙවරක් රෑ වැටුණු වළේ 2019 මහ දවල් වැටෙන්නට ජනතාව සූදානම් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමනේතු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

එජාපයේ ඇතැම් නායකයන් අපේ රටේ ජනතාව අද උපන් අය යැයි සිතා විවිධ ප්‍රචාරක ව්‍යපෘති කරගෙන යනවා. පසුගිය වසර පහේ දී එජාපය මේ රටට කළ විනාශය මතක තිබෙන හිතන්න මොලයක් තිබෙන කිසිවෙක් නැවත එජාපයට ඡන්දය දෙන්නේ නෑ.

ඒ නිසා එජාපයේ අපේක්ෂකයා කවුරු වුණත් අපට කමක් නෑ. එක්කෝ එන්නේ පසුගිය වසර පහේ අගමැති. නැතිනම් කතානායක. එහෙමත් නැතිනම් නියෝජය නායක. මේ හැමෝම පසුගිය වසර පහේ රටට වුණු විනාශයට ඉහලින්ම සහ එක හා සමානව වගකිවයුතු අය.

අපි දැක්කා අග මැතිතුමන්ට තෙලෙන් බැද්දත් කොබෙයියා කියන රබන් පදය මතක් වෙලා තිබුණා. ඕක ඉතින් මම දෙසතියකට පමණ පෙර කිව්ව රබන් පදය. ඒ නිසා අගමැතිතුමා කියූ රබන් පදයට අපිත් කැමතියි ඒ රබන් පදයෙන්ම උත්තර දෙන්න. “රනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා”. එජාපයෙන් කවුරු ආවත් එකම ප්‍රථිපලය මයි. යූ ඇන් පී කාරයෙක්නේ එන්නේ.

යූ ඇන්පිය රටට කල විනාශය පසුගිය කාලයේ දැක්කානේ. ඒක මතක තියෙන කිසිවෙක් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නෑ. 2015 දී දෙවරක් රෑ වැටුනු වලේ 2019 දී මහ දවාලේ වැටෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ කියන එක මම ඉතාම වගකීමෙන් මතක් කරනවා. මේ දැන් ඉන්න නායකයෝ නොවේ එජාපයේ පංච මහ නායකයින් වන ඩී එස්, ඩඩ්ලි, සර් ජෝන්, ජේආර් සහ ප්‍රේමදාස යන දැවැන්තයෝ පස් දෙනා වලෙන් නැගිටලා එකම පුද්ගලයෙකු බවට පත්වෙලා ආවත් ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න බෑ කියන එක අපට විශ්වාසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස