ඩිලිවරි මාෆියාවට පාරිභෝගිකයා ගසා කන්න දෙන්න එපා…! සියලු ඩිලිවරි වහා ම නියාමනය කරනු…! – ඇමැතිගෙන් නියෝග…

June 12, 2021 at 9:38 pm | by emanisa.lk

ඩිලිවරි සේවා ආයතන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න උපදෙස් දී තිබේ.

එම ආයතන මගින් පාරිභෝගිකයාගෙන් අධික මිල ගණන් අය කරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඩිලිවරි සේවා ආයතන ලියාපදිංචි කිරීම සහ මිල නියාමනය කිරීමටත් එම ආයතන අයකරන කොමිස් සහ ප්‍රවාහන ගාස්තු පාලනය කිරීමටත් කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානම ඩිලිවරි සේවා ආයතන දෙක සමග ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පසුගිය දා සාකච්ඡා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *