ලියනගේ අබේරත්න සුරේෂ් ප්රියසාද් හෙවත් ඩෑන් ප්රියසාද් ඊයේ (20) විදෙස්ගත වීමට සූදානම්ව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණ ද ඔහු ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.
ඊයේ රාත්රී 08.22ට කටුනායක ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ Emirates ගුවන් සේවයට අයත් EK 653 ගුවන් යානයෙන් ඔහු මාලදිවයින බලා පිටවීමට සූදානමින් සිට ඇති බව සඳහන්ය.
2022 මැයි 09 වෙනිදා ගාලුමුවදොර විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ඔහු වන අතර ඒ හේතුවෙන් ගල්කිස්ස අධිකරණය විසින් පනවා ඇති විදෙස්ගමන් තහනම් නියෝගයක් අනුව
ගුවන්තොටුපළ බලධාරීන් මෙම තීන්දුව ගෙන තිබේ.