ඩලස්, රොෂාන් පාර්ශ්වත් සජිත්ගේ සහායට…!

August 4, 2024 at 11:57 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ ඇතුළු පාර්ශ්ව ගණනාවක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවනු ලබන සන්ධානය සමග එක්වීමට නියමිත බව දේශපාන ආරංචි මාර්ග පවසයි.

සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගීමට යෝජිත එම සමගි ජන සන්ධානයේ පාර්ශ්ව අතර ගිවිසුම්ගත වීම ලබන 08 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂය කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ජී. එල්. පීරිස් ඇතුළු බොහෝ පිරිසක් මෙම සන්ධානය සමග එක්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *