නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම ඡන්ද 130 කට වැඩි සංඛ්‍යාවක් ලබාගනිමින් ජයග්‍රහණය කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
ඊයේ (19) සවස 3.00න් පසු ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සහ සමගි ජන බලවේගය අතර වැඩිදුර සාකච්ඡාවක් පැවැති බව ද හෙතෙම කීය.
එසේම දෙමළ ජාතික සන්ධානයේ තීරණය සම්බන්ධයෙන් යම් ව්‍යාකූල තත්වයක් පැවතියත් තමන් මැදිහත්ව අද දිනයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එය විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජිත සේනාරත්න සඳහන් කළේය