දෙමළ ජාතික සන්ධානය අද (20) පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේ දී ඩලස් අලහප්පෙරුමට සහාය දැක්වීමට තීන්දු කර ඇත්තේ සියලු දෙමළ ජාතික සන්ධාන කොන්දේසීවලට යටත්ව බව අනාවරණය වෙයි.
එම්.කේ. සුමන්දිරන්, ආර්. සම්බන්ධන් සහ ශානක්කියන් රාසමානික්කම් සහාය ලබා දීමට එකඟ වුව ද සෙසු මන්ත්‍රීවරුන් හත් දෙනා ලිඛිත එකඟතාවක් නොමැතිව සහාය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම (දැනට අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයින්) , දැනට හමුදාව රැඳී සිටින සහ පුරාවිද්‍යා බිම් ලෙස වෙන්කර ඇති සියලු පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිර්දේශ පිළිගැනීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ආදී කොන්දේසී ඒ අතර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වුව ද සුමන්දිරන් පවසන්නේ එවැනි කිසිදු එකඟතාවක් නොමැති බවත් කිසිදු ඉල්ලීමකින් තොරව ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කළ බවත් ය.