ඩඩ්ලි සිරිසේන රූමස්සල දෙබෑ කරමින් අඩි 40ක පාරක් කපයි…!

February 21, 2021 at 5:24 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන රූමස්සල පරිසරය වනසමින් පාරක් කපමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එම පක්‍ෂයේ හිටපු ඌව පළාත් සභා හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කළේ ගාල්ල හබරාදූවේ පැවති ජන හමුවක් අමතමිනි.

‘රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන පාරක් කපන්න හදනවා. මොන ජගතා ආවත් මේ පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ.

අපි ජනතාව සමඟ මේ ගැන කතා කරල රූමස්සල ආරක්ෂා කරනවා. රූමස්සල අඩි 40 පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ. හිටපු ජනපතිගේ සිරිසේනගේ සහෝදරයාට මේ පාර කපන්න අපි ඉඩ දෙන්නේ නෑ. ජනතාව සමඟ එකතු වී මේ තින්දුව වෙනස් කරනවා. ජනතාවගේ නාමයෙන් අපි පරිසරය ආරක්ෂා කරනවා.’

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *