ඩඩ්ලිලා තමන් නියම කළ මිලට ඉහළින් සහල් විකුණති..! ජනතාව කබලෙන් ළිපට…!

October 10, 2021 at 2:00 pm | by emanisa.lk

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සාධාරණ මිලකට සහල් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද මේ වන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ ලෙස මිල ගණන්වලට සහල් අලෙවි කරන බව පොලොන්නරුවේ සහල් පාරිභෝගිකයෝ පවසති.

නාඩු සහල් කිලෝවක් රුපියල් 117ක මිල කටත්,සම්බා සහල් කිලෝවක් රුපියල් 145 ක් මිලකටත් කීරි සම්බා රුපියල් 170ක මිලටත් තමන්ට ලබා ගැනීමට සිදු වී ඇති බව සහල් පාරිභෝගියන් ප්‍රකාශ කරති.

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයොන් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් 115ටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 140ටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 කටත්ලබාදෙන බවයි.

කෙසේ වෙතත් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් සිල්ලර සහල් වෙළඳුන් හිතු හිතූ ලෙස සහල් මිල පාලනයකින් තොරව අලෙවි කිරීමත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සහල් පාරිභෝගියන් සඳහන් කරති

අප මේ පිළිබඳව පොලොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පවසා සිටියේ තමන් ප්‍රකාශ කළ මිලට සහල් ලබාදෙන බවත් සිල්ලර වෙළෙඳුන් හිතූ හිතූ ලෙස සහල් ඉහල මිලකට විකිණීම තමන්ට පාලනය කළ නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස