ඩඩ්ලිට කැමති නම් 140ට වී ගන්න පුළුවන්… හැබැයි පාලන මිලට උඩින් හාල් විකුණන්න බෑ…! – නිවාස නි. ඇමති…

February 11, 2025 at 7:28 pm | by emanisa.lk

වී කිලෝවක් රු. 140කට මිල දී ගන්නා බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළ ද සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයා අමාරුවේ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බව නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

“අපි වී කිලෝවක සහතික මිල රු.105 සිට 120ට වැඩි කළා. හැබැයි දැන් සමහරු කියනවා, වී මිල රු. 140 කරන්න කියලා. මේ රටේ ප්‍රබලතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේනත් වී මිල රු. 140 කරන්න කියනවා.

අපි අහනවා එහෙම වුණොත් මේ රටේ ජනතාව හාල් කන්නේ කීයට ද කියලා. අපට 240 කරන්නත් පුළුවන්. හැබැයි ජනතාව සහල් සඳහාත් සහන මිලක් ඉල්ලනවා. අපි වී මිල නියම කළේ ගොවියයි, සහල් නිෂ්පාදකයයි, පාරිභෝගිකයයි ගැන හිතලා.”

ඊයේ (10) පොළොන්නරුව වැලිකන්ද ප්‍රෙද්ශයේ දී ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *