ඩඩ්ලිගේ සහල් ඒකාධිකාරය අවසන්…! ආණ්ඩුවෙන් සම්බා කිලෝව රු. 100ට අඩුවෙන් රටට ම…!

October 9, 2021 at 2:39 pm | by emanisa.lk

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගෙන්වීමට නියමිත පොන්නි සම්බා සහල් මෙට්‍රික්ටොන් ලක්ෂය ඉන්දියාවෙන් සහ බුරුමයෙන් ලබා ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

පළමු අදියර යටතේ ඉදිරි දින දහය තුළ ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ගෙන්වීමට නියමිතය. ඉන් පසු බුරුමයෙන් සහල් මෙට්‍රික්ටොන් පනස්දහසක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

සහල් ආනයනය වෙනුවෙන් වැයවන මුදල දින අනූවක් තුළ එම රටවලට ගෙවීමට එකඟ වී ඇත.

මෙලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සියයට අඩුවෙන් පාරිභෝගිකයාට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *