ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පිපිරුණේ නෑ කියන කතාව බොරු! හෝටලයේ ඒ මොහොතේ සිටි පිරිස නිසා පුපුරුවා ගත්තේ නෑ! – දයාසිරිගෙන් සුවිශේෂ හෙළිදරව්වක්… (video)

June 18, 2019 at 11:33 am | by emanisa.lk

පාස්කු ඉරිදා සුපිරි හොටෙල් සහ කතෝලික දේවස්ථාන කිහිපයක් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට පහර දීමට පැමිණි අබ්දුල් ලතීෆ්ගේ එම හෝටලයේ ලැගුම් ගෙන සිටි කිසියම් පිරිසක් නිසා සිය බෝම්බය පුපුරුවා නොගත් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මෙම ප්‍රහාරය පිටුපස විදෙස් බලවේගයක් සිටින බවත් එය අනාගතයේ හෙළිදරව් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ රාත්‍රී (17) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඔහු මෙම හෙළිදරව්ව කළේය.

කෙසේ වුවද මෙතෙක් බොහෝ දෙනා විශ්වාස කළේ අදාළ බෝම්බකරුගේ බෝම්බය පුපුරා නොගිය බවත් එහෙයින් ඔහු දෙහිවල නවාතැන වෙත ගොස් බෝම්බය පුපුරුවා ගත් බවයත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස