ට්‍රම්ප් බද්ද ලංකාවට 54%යි… විශේෂ දූත පිරිසක් වහා ඇමරිකාවට…!

April 20, 2025 at 3:19 pm | by emanisa.lk

මේ වන විට දින 90කට කල් දමා ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය බද්දේ සැබෑ අනුපාතය සියයට 44 ක් නොව, සියයට 54 ක් බව වාර්තා වෙයි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ සියයට 10 ක මූලික බද්දට අමතරව නව බදු අනුපාතය ක්‍රියාත්මක වන බැවින් සමස්ත බදු අනුපාතය සියයට 54ක් බවට පත්ව ඇත.

මෙම ඉහළ බදු අනුපාතය නිසා මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසකට බලවත් පීඩාවක් සිදුවන බැවින් වැඩෙන ආර්ථිකයට සහනයක් ලෙස මෙම බදු අනුපාතය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කිරීමට විශේෂ දූත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද සඳහන් වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *