ට්‍රම්ප් බද්ද අහෝසි කරන්න මුදල් නි. ඇමති ඇමරිකාවට….!

April 21, 2025 at 10:23 am | by emanisa.lk

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු පිළිබඳව සාකච්ඡා කර එම බදු පැනවීම වළක්වා ගැනීම සඳහා මුදල් නියෝජ්‍ය ඇමති ඇතුළු කණ්ඩායමක් මේ වන විටත් ඇමරිකාවට යවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ට්‍රම්ප්, එක්සත් ජනපදය බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා. මාස තුනක් කල්දැම්මා, කන් කඩා වැටුණා. එහෙම ඉන්නේ. ඒ කියන්නෙ මොකක් හරි වෙලා මේකට අනතුරක් වෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්නේ.

මතක තියාගන්න, බාධා එනවා. ලෝකේ අපට ඕනෙ විදියටම හසුරුවන්න බෑ. අපි පොඩි රාජ්‍යයක්. අපි උත්සාහ කරනවා, මොකක්ද ? ඒක අවම ආකාරයෙන් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. මේ වන විටත් එක්සත් ජනපදයට අපේ මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න.

අපි උත්සාහ කරන්නෙ මොකක්ද ? එවැනි බදු පැනවීමක් වළක්වා ගැනීම සඳහා උත්සාහ කරනවා. ඒ වගේම උත්සාහ කරනවා කුමක්ද ? ලෝකෙ කුමන ආකාරයේ සුළියක් හැමුවත් ලෝකෙ කුමන ආකාරයේ ගැටුමක් නිර්මාණය වුණත් නොසැලෙන වර්ගයේ ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (20) දඹුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *