ටයි එක පැළඳ අභිමානයෙන් රැකියාවට යන රියදුරෙක්…!

October 7, 2021 at 6:26 am | by emanisa.lk

ලංකාවේ ටයි එක පැළඳ රාජකාරියට යන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ය.  පහළ සේවක කණ්ඩායම් එය නොපළඳිති.

එමගින් කිසියම් රැකියා කොටසක් උසස් බවත් ඉතිරි රැකියා එසේ නොවන බවත් කියැවෙයි.

කෙසේ වුව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ බසයක ටයි එකක් පැළඳ රාජකාරී කරන රියදුරෙකුගේ ඡායාරූපයක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

මේ ආකාරයට අභිමානයෙන් සිය රැකියාවෙහි නිරත වීම සමාජමාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *