ඥානසාර හිමි ළඟදිම පාර්ලිමේන්තුවට…?

October 16, 2021 at 11:10 am | by emanisa.lk

නුදුරේ දී ම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පාර්ලිමේන්තු අසුනක් හිමි වනු ඇතැයි වාර්තා වෙයි.

අපේ ජනබල පක්ෂයෙන් නෙරපා හරින ලද අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රී අසුන සඳහා ඥානසාර හිමි පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.

එම පක්ෂය නුදුරේ දී ම රතන හිමි සිය මන්ත්‍රී ධූරයෙන් නෙරපා හරින ලෙස දැනුම් දෙනු ඇති අතර අනතුරුව රතන හිමිගේ නම ඒ සඳහා යෝජනා කරනු ඇත.

කෙසේ වුව ද මෙය කළ නොහැකි බවත් ඒ සඳහා නීතිමය පදනමක් නොමැති බවත් තවත් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *