ඥානසාර හිමිට හෙට ජනපතිගෙන් උපන් දින තෑග්ගක්!

March 3, 2019 at 3:46 pm | by admin

මේ වන විට වසර 6ක සිරදඬුවමක් විඳිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ උපන් දිනය හෙටට යෙදී ඇති අතර එදිනට උන් වහන්සේට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි වාර්තා පළවෙයි.

කෙසේ වුවද මීට පෙර පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් එහිමියන්ට සමාව ලැබෙන බව ප්‍රකාශ කළ ද ඇතැම් පාර්ශවවල විරෝධය නිසා දෝ එය යටපත් විය. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්  ඊට එරෙහිව යොමු කළ ලිපියකට අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද අත්සන යොදා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *