ඥානසාර හිමිට අද නිදහස ලැබෙයි!

May 23, 2019 at 8:24 am | by admin

අධිකරණයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදී අධිකරණයට අපහාස කළේ යැයි වසර 6කට සිරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාව ලබා දීමේ ලිපියට ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.

අදාළ නෛතික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු ඥානසාර හිමි අද සවස 3.00ට වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිතය. බොහෝ කලක සිට ඥානසාර හිමි නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කළ ද ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඥානසාර හිමිට ලබා නොදෙන ලෙස අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රිියාධරයන් ඉල්ලා සිටි අතර භික්ෂූන් වහන්සේලා බෞද්ධයන් ද රවී කරුණානායක ඇතුළු ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ද අසාද් සාලි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු ඇතැම් මුස්ලිම් පිරිස් ද විජයදාස රාජපක්ෂ ද දෙමළ නායකයන් ද ඥානසාර හිමි නිදහස් කළ යුතු බව පැවසූහ.

සන්ධ්‍යා එක්නැලිගොඩ යනු අතුරුදන් වූ බව කියන ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳය. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිත කරමින් දෙමළ ජන සංහරායක් කළේ යැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත බොරු සාක්ෂි දුන් කාන්තාවය. සිය සැමියා සතුව ඊට අදාළ සියලු සාක්ෂි පැවති බව ද මේ කාන්තාව එහිදී ප්‍රකාශ කළාය.

කලකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ඇතුළු පිරිස කටුනායකින් ගුවන්ගත වන අවස්ථාවේ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කිරීම මගින් නැවත රට අස්ථාවර කළ හැකි බවට කොටි හිතවාදියකු සමග කතා කරන හඬ පටය ප්‍රදීප් එක්නැලිගොඩගේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස