ඥානසාර හිමිගේ කාර්ය සාධක බලකායට පොහොට්ටු මන්ත්‍රී එරෙහි වෙයි..!

October 27, 2021 at 10:02 pm | by emanisa.lk

එක රටක් එක නීතියක් සංකල්පය හෝ එය ශක්තිමත් කළ මේ රටේ සභ්‍යාත්ව උරුමය පදනම් කරගත් ජාතික බලවේග පිළිබඳ හෝ සැබෑ අවබෝධයකින් තොරව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කර ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

පසුගිය සමයේ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව ව්‍යවස්ථාවට ගෙනෙන සුලු සංශෝධන මගින් පැරණි ක්‍රමයට ම පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සඳහන් කර ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

සමස්ත රටට ම බලපාන නීතියක් බලාත්මක කිරීමට නම් අවම වශයෙන් නව ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය සම්මත වන තුරු හෝ පළාත් සභා මැතිවරණය කල් දැමිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

පවතින ව්‍යවස්ථාව තුළ පළාත් සභා ශක්තිමත් කළහොත් ඒ ඒ පළාත් සඳහා නීති පැනවීමේ බලය පළාත් සභා සඳහා හිමි වන බවත් පළාත් සභා සඳහා නීති සම්පාදන බලය සහිත පසුබිමක එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව රටට අහිමි වන බවත් ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස