ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගත්තේය.

ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු  අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේය.