ජෝෂප් කාවින්ද නැවතත් ගැටෙයි! උත්සවයටත් නොසිට ජෝෂප් හැරී යයි!

February 4, 2019 at 2:14 am | by admin

දහම් පාසල් ගොඩනැඟිල්ලකට මුල්ගල් තැබීමේ උත්සවයක ප්‍රදර්ශනය කළ බැනරයක් හේතුවෙන් ජාඇල එජාප සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අතර උණුසුම් වචන හුවමාරුවක් වූ අතර අනතුරුව ජෝෂප් මයිකල් පෙරේරා උත්සව අවස්ථාවට මහභාගී නොවී එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

මෙය සිදුවූයේ ජාඇල තුඩැල්ල ශාන්ත මරියා දේවස්ථානයේ මරඳමඩු දේවස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබීමේ උත්සව අවස්ථාව සමාරම්භයේය. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දී තිබුණේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අරමුදල්වලිනි.

කාවින්ද ජයවර්ධනගේ ඉල්ලීම පරිදි මෙම ගොඩනැඟිල්ල සඳහා ප්‍රතිපාදන හිමි වූ බව පවසා ඊට ස්තූති කර බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි. එහි ජෝෂප් මයිකල් පෙරේරාගේ නම සඳහන් නොවීම ගැටුමට හේතු විය. මෙය පෙර ද දෙදෙනා අතර මෙවැනි ගැටුම් ඇති විය. එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝෂප් මයිකල් පසුගිය මැතිවරණයෙන් පරාජය වූ අතර කාවින්දට ජාඇල එජාප සංවිධායක ධුරය ලැබීමට නියමිත බව ද ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මැතිවරණ සමයේ පෝස්ටර් කටවුඩ් බැනර් සඳහා මහජන මුදල් නාස්ති කිරීම අවසන් කරන බව දේශපාලන වේදිකාවල නිතර අසන්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස