දැවැන්ත ව්‍යාපාර සෙලවෙයි! ජෝන් කීල්ස් ලාභය 11%කින් වැටෙයි! ආර්ථික/ව්‍යාපාර දියුණුවට රට ස්ථාවර විය යුතුයි! – ජෝන් කීල්ස් සභාපති

February 1, 2019 at 7:46 am | by admin

පසුගිය කාලපරිච්ඡේදයේ දී දකින්නට ලැබුණු දේශපාලන උච්ඡාවචනයන් හා අස්ථාවර තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පැමිණ ඇති බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජෝන් කීල්ස් සභාපතිවරයා අවධාරණය කර සිටින්නේ රටේ ආර්ථික හා ව්‍යාපාර වර්ධනය උදෙසා දේශපාලනික ස්ථාවරභාවය හා ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2018 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා වන මූල්‍ය ප්‍රකාශ නිකුත් කරමින් එහි සභාපතිවරයාගේ විමර්ශන වාර්තාවෙහි, ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මේ බව සටහන් කර ඇත.

ජෝන් කීල්ස් සමූහයේ බදු පෙර ලාභය, 2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සටහන් වන්නේ රුපියල් බිලියන 5.63 ක් වශයෙනි. කෙසේ වෙතත් මෙය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ වාර්තා වූ බදු පෙර ලාභයට වඩා 3% ක පහළ යාමකි. එසේම 2018/19 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 හි බදු ගෙවීමට පෙර ලාභය පෙර වර්ෂයට වඩා 11% ක අඩුවීමක් වාර්තා කෙරෙන අතර එය රුපියල් බිලියන 13.23 ක් ලෙසින් වාර්තා වී තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *