ජොනී අත්අඩංගුවට ගන්නැයි නියෝග…!

June 1, 2022 at 4:54 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ පසුගිය 09 වෙනිදා ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබල දීම සම්බන්ධයෙනි.

පසුගියදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ ප්‍රකාශ ලබා ගත්තේය.

එම ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙලෙස හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *