ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන තිබේ.
සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
මොහු එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක කලා සංගමය නියෝජනය කරන බවට ද වාර්තා පළ වෙයි.