ජුලි 06 බැසිල් නැවතත් පාර්ලිමේන්තුවට…! ආර්ථික සංවර්ධන ඇමැති ධූරයත් සූදානම්…!

June 25, 2021 at 7:28 am | by emanisa.lk

දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ජුලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඔහු එදින ම ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයෙහිත් දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *