රටේ ජනතාවගේ දේපළ පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා කිරීම ඕනෑම රටකම නීතිය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට පුරවැසියන්ගේ සහ රාජ්‍ය ආයතනවල නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ තොරතුරු 2024 ජුලි 01 වනදා සිට නිතිපතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ අදහස් දක්වමිනි.
“මේක ලෝකේ හැම තැනකම ආදායම් බදු නීතියේ තියෙන කාරණාවක්. අපේ රටේත් ආදායම් බදු නීතියේ මේක පැහැදිලිවම තියෙනවා, තෙවැනි පාර්ශ්වයකින් තොරතුරු ලබාගැනීමේ අයිතිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට තියෙනවා. මේක ඉතින් හැමදාම ආදායම් පනතේ තිබුණු කාරණාවක්. වැඩක් ක්‍රමානුකූලව කරලා ක්‍රියාත්මක කිරීම තමයි මේ සිද්ධ වෙන්නෙ.
මේවා ක්‍රියාත්මක නොකළ නිසා තමයි රාජ්‍ය ආදායම ඉතාම අඩුවෙලා මහා ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට වැටුණේ. මේවා අතීතයට ගිහිල්ලා මේ පීඩාවට පත්වෙච්චි සමාජය තවත් පීඩාවට කිරීමේ බලාපොරොත්තුවක් මේවායේ නෑ.
අනාගතයේ අපි හරියට යමු. අපි හැම කෙනෙක්ටම මම ආරාධනා කරන්නෙ මේ රාජ්‍ය ආදායමේ තමන්ට ආඩම්බරයෙන් බදු ගෙවන්නෙක් හැටියට කොටස්කරුවකු බවට පත්වෙන්න. ජුලි මාසෙ පළවෙනිදා ඉඳන් හෝ අපි නිවැරදිව මේ කටයුතු ටික කරගෙන යමු.”
රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.