ජුනි 21 දක්වා සංචරණ සීමා දැම්මේ වැරදි දත්ත නිසයි…! ජුනි 11 මරණ 101ක් වාර්තා කළත් මැරුණේ 15යි…! සංචරණ සීමා තවත් නෑ….!- ජනපති….

June 18, 2021 at 6:56 pm | by emanisa.lk

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත් පසුව එම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මඟින් නැවත පුළුල් විමර්ශනයක් කර දත්ත ලබාගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහි දී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාල සීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වු ජනාධිපතිවරයා පැවසීය.

“ජුනි 14 අරින්න හිටියා. එකපාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. මේක ඇහුවහම හැමෝම බයවෙනවා නේ. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහින් මේ ගැන හොයලා දෙන්න කියලා. ජුනි 11 මැරුණහම 10 වෙනිදා රාත්‍රී 12 ඉදලා 11 වෙනිදා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ.

එදා වාර්තා කළ පළමු එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6 වෙනිදා. ආදාහනය කරලා තියෙනවා එදිනම. මරණ සහතිකයකුත් දීලා තියෙනවා. ඊළඟ කෙනා අවුරුදු 67යි. හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වෙනදා. 9වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනාමයි. ඒකත් මේ 101කට අයිතියි.

ජුනි 11 ඇත්තට ම මැරුණේ 15 දෙනයි. මම මේක බැලුවට ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා දන්නේ නෑ නේ. මම කිව්වා මේක හරි තැන්වලට දාන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස