ජුනි 20 ඡන්දේ තියන්න බෑ! – රනිල්

April 26, 2020 at 6:18 pm | by emanisa.lk

මැතිවරණ කොමිසම විසින් ජුනි මස 20 වනදාට පැවැත්වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම ප්‍රකාශ කර තිබේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එදින මහා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ ඇති වෙතැයි සිතීම අපහසු බව වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මේ අතර පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි ද ජුනි 20 මහමැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් එදිනට මහ මැතිවරණය පැවැත්වුවහොත් ඉතා සුළු පිරිසක් ඡන්දය දීමට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස