ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බෑ! පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ මැතිවරණය තැබූ පසුයි! – ජනපති (video)

April 20, 2020 at 11:51 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 03ක් සපිරෙන ජුනි 02 වන දිනට පෙර තමන්ට පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ඊට පෙර මැතිවරණය පවත්වා ඇත්නම් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අද (20) ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවත් වූ සාකච්ඡාවක දී ජුනි 02 වන දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට ඇති ව්‍යවස්ථානුකූල අවශ්‍යතාව පිළිබඳ විමසූ විට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

එවැනි අවස්ථාවක තමන්ට කළ නොහැක්කක් කිරීම නීතිය අපේක්ෂා නොකරන බවත් (law does not expect to do imposible.) පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ මහ මැතිවරණය පැවැත් වූ පසුව බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම කිසිම හේතුවක් නිසා විසිරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීම සිය අභිලාෂය නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සම්පූර්ණ සාකච්ඡාව මෙන්න…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස