ජුනි මස උද්ධමනය ඉහළට…!

July 23, 2024 at 9:10 am | by emanisa.lk

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2024 මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජුනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.

2024 මැයි මාසයේදී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජුනි මාසයේදී 1.9% ක් දක්වා වැඩි වී ඇත.

තව ද, 2024 මැයි මාසයේදී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජුනි මාසයේදී 2.7% ක් දක්වා වැඩි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *