ජීවන වියදම 200%කින් නැඟලා…! අයවැයෙන් පඩි වැඩි කරනු…!

October 13, 2021 at 3:56 pm | by emanisa.lk

ජීවන වියදම සියයට 200කින් වැඩි වී ඇති හෙයින් මෙවර අයවැයෙන් ජනතාවගේ පඩි වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

රටේ ජනතාවට ජීවත්වන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර අහිංසක ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා බව කියන රුවන් විජයවර්ධන ආණ්ඩුවට කිරිපිටි, හාල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවා පාලනය කරන්නට නොහැකි වී තිබෙන බව කීය.

එක පැත්තකින් ජනතාව උද්ඝෝෂණය කරන අතර අනෙක් පැත්තෙන් ගුරුවරුන් සහ ගොවීන් උද්ඝෝෂණය කරන බවත් එම ප්‍රශ්නවලට වගකිය යුත්තේ ආණ්ඩුව බවත් හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුව කොරෝනා පැත්තට මෙම ප්‍රශ්න බැර කරන්නට හැදුවත් ප්‍රශ්න නිර්මාණය වීමට ඇත්ත හේතුව ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නැති වීම බව ද රුවන් විජයවර්ධන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *