එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අහෝසි වීම් පිළිබඳ සාකච්ඡා වන ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එය විදෙස් තර්ජනයක් නොව අපේ රටේ ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා දී ඇති බව එහි නායක අනුර දිසානායක පවසයි.
ඒ යෝජනාවලට එරෙහිව රටේ ජනතාව එකට නැඟී සිටීමට නම් රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ලංකාවේ මානව හිමිකම් කොමිසමක් තිබුණ ද එහි සභාපති ධුරයට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගේ පියා පත්කිරීම නිසා එහි කාර්ය නිසි ලෙස ඉටු වන්නේ යැයි සහතිකයක් දිය නොහැකි බව අනුර දිසානායක වැඩි දුරටත් පෙන්වා දෙයි.
68 total views, 1 views today