රට නැවත පාවා දෙන ජිනීවා යෝජනාවේ සම-අනුග්‍රහය ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිට ලිපියක්!

March 19, 2019 at 1:38 pm | by admin

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියට සම-අනුග්‍රහය ලබා දීමෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් 10 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම ලිපිය යොමුකර තිබේ. එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට ජීනීවාවල සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් දෙන ලෙසද ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා සිටිති.

පසුගියදා මහාචාර්ය චන්න ජයසුමන හෙළිදරව් කළේ ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ජිනීවා යෝජනාවට සම-අනුග්‍රහය ලබා දීමේ ද්‍රෝහී තීන්දුව ගෙන ඇත්තේ විදේශ ඇමති නොව හිටපු විදේශ ඇමති මංගල සමරවීර බවය. මෙම යෝජනාව මගින් යුද අපරාධ චෝදනා පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස