ජිනීවා යෝජනාවට සම-අනුග්‍රහය නෑ….! රටට එරෙහි කිසිවකට අපේ සහයක් නෑ…! – ආණ්ඩුව මව්බිම වෙනුවෙන් නැඟී සිටියි…..

January 18, 2021 at 8:06 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ බ්‍රිතාන්‍ය එක්ව ඉදිරිපත් කරන නව යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම ආණ්ඩුව මෙසේ ප‍්‍රතික්ෂේප කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, ස්වාධිපත්‍යට එරෙහි යෝජනාවකට කිසිම විටක එකඟ වීමට නොහැකි බව රජය අවධාරණය කර තිබේ.

2019 දී රජයට ලැබුණු ජනවරමට පටහැනි වන කිසිම යෝජනාවකට එකඟ විය නොහැකි බව රජය අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස