ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ප්‍රඥාප්තිය කඩලා! ගෝලීය ශ්‍රී ලාංකිකයෝ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට පැමිණිලි කරති!

August 31, 2019 at 9:11 am | by emanisa.lk

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ මහ ලේකම් යසස්‌ ධර්මදාස එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුවාරෙස්‌ වෙත පැමිණිලි කර ඇත.

හමුදාපතිවරයා පත් කිරීම ගැන ද ඇය සෘජුව මැදිහත් වී ඇති බව දක්‌වන ඔහු මෙම ක්‍රියාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩකිරීමක්‌ බව ද තම පැමිණිල්ලේ තවදුරටත් දක්‌වා තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට එරෙහිව මෙතෙක්‌ කිසිදු පාර්ශ්වයක්‌ පැමිණිලි කර නැත.

මේ අතර ජිනීවා යෝජනාවට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර එකඟත්වය පළ කිරීම නීති විරෝධී බවත් ඊට අනුමැතිය දිය හැක්‌කේ ජනපතිට පමණක්‌ බව දක්‌වමින් ඉදිරිපත් කළ පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලය ප්‍රතික්‌ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇතැයි යසස්‌ ධර්මදාස පැවසීය.

බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ජෙප්රි නයිස්‌ සහ නීතිඥ දර්ශන වීරසේකර එම අභියාචනය මානව හිමිකම් කවුන්සිල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

මෙම අභියාචනයෙන් රටක නායකයා විදේශ ඇමැති නොව ජනපති යැයි හඳුන්වා ඇත. මෙම ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස