ජිනීවා මානව හිමිකම් උගුලට විසඳුම පරගැති පාලනය පෙරලා දමා රටට හිතැති පාලකයක් ගෙන ඒමයි!

March 24, 2019 at 6:18 pm | by admin

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කටයුතු කළ යුත්තේ ලංකාවට අවශ්‍ය ලෙස මිස ලෝකයට අවශ්‍ය ආකාරයට නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය කළ ප්‍රකාශය අනුමත කරමින් අදහස් දැක්වීම පිළිබඳ කරුණු දක්වමින් මන්ත්‍රීවරයා එසේ කීය.

මුදල් ඇමැති මංගල සමරවීරගේ නිවසේදී මනෝ තිත්තවැල්ල ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙරට ස්ථාවරය ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සැකසූ යෝජනා ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් අත්හිටුවීමට හැකි වූ බවද ඒ මහතා කීවේය.

රටට අහිතකර  පරගැති බලවේග ඉවත් කොට රටට හිතැති කණ්ඩායමකට පාලන බලය ලබාගතහොත් මානව හිමිකම් පිළිබඳව මතුවී ඇති ගැටලුව සමථයකට පත් කර ගැනීමට හැකිවෙතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස