ජිනීවා අලුත් වාර්තාවෙන් වත්මන් හමුදා මාණ්ඩලික ප්‍රධානීට සහ හිටපු හමුදාපති ජගත්ට යුද අපරාධ චෝදනා!

March 12, 2019 at 1:21 pm | by admin

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ අලුත් වාර්තාවෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

ඇය මේ චෝදනා එල්ල කර ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය.

මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම වාර්තාව සඳහා පදනම් කර ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනීයක වන යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ බොරු වාර්තා සමූහයකි.

මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිදු නිරීක්‍ෂණයකින් තොරව මන්නාරම් මිනී වළ ගැන ද තොරතුරු තම වාර්තාවට ඇතුළත් කර ඇත. එහෙත් එම මිනී වළ ලන්දේසි යුගයට අයත් බව ඇමරිකානු පර්යේෂණ මගින් තහවුරු විණි.

කෙසේ වුවද මෙවර ජිනීවා යෝජනාවට ද ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස