ජිනීවාහි අපේ යෝජනාව සම්මත වුණේ මංගල නැති නිසයි…! නැත්නම් සම්මත වෙන්නේ ඇමැති මංගලගේ යෝජනාව….! – දෙමළ ඩයස්පෝරාව…..

March 24, 2021 at 7:01 am | by emanisa.lk

ජිනීවා සමුළුව ඇමතූ දෙමළ ඩය‍ස්පෝරාවේ නියෝජි‍තයෙකු මංගල සමරවීර ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීම නිසා මෙවර ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට හැකි වූ බව පවසා ඇතැයි වාර්තා වෙයි.

British Tamil Conservatives සංවිධානයේ සභාපති, ආචාර්ය අර්ජුන සිවානන්දන් පවසන්නේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළේ නම් කිසි ලෙසකින් හෝ මෙම යෝජනාව සම්මත නොවනු ඇති බවය. අවම තරමින් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නම් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි රටවල් රැසක මතය වෙනස් කිරීමට ඔහු සමත් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

2016 වසරේ සිට මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් මංගල සමරවීරගේ මැදිහත්වීම හේතුවෙන් එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව අසමත් වී තිබේ. අර්ජුන් සිවානන්දන් පවසන්නේ ඩයස්පෝරාව මතු කරන සෑම ප්‍රශ්නයකටම, සිය පෞද්ගලික සබඳතා පවා භාවිත කරමින් සාර්ථකව මුහුණදීමට මංගල සමරවීර සමත් වූ බවයි.

මංගල සමරවීර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ලොවපුරා විසිර සිටින සමස්ත දෙමළ ඩයස්පෝරාව ලැබූ විශාලතම ජයග්‍රහණය බව ද ඔහු වැඩිදුරටත් පවසයි. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සමස්ත දෙමළ ඩයස්පෝරාවේම ස්තූතිය පුද කරන බව ද ඔහු සඳහන් කරයි.

වත්මන් රජයේ සිටින කිසිදු ඇමැතිවරයෙකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිළධාරියෙකුට හෝ මංගල සමරවීර සිදුකළ කාර්යභාරයට ළංවීමටවත් හෝ නොහැකි බව පෙන්වා දෙන සිවානන්දන් පවසන්නේ එය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ඩයස්පෝරාවේ වාසියට හේතු වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස