ජාති ආගම් භේද නැතිව දසතින් නැඟෙන්නේ ගෝඨා ගෝඨා හඬයි! ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩය දෙසවනේ දෝංකාර දෙනවා!

March 28, 2019 at 11:42 am | by admin

කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනේ මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ආසන බල සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසිය.

“අපිට මේ මව්බිම බේරගන්න ඕන කියලා හිතෙනවා නම් අපේ දරුවන්ට රටක් ඉතුරු කර මැරෙන්න ඕන කියලා හිතෙනවා නම් ජීවිතයේ සැඳෑ කාලය නිස්කලංකව සුන්දර රටක ජීවත් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඔබට මව්බිමේ නිදහස් අරගලය වෙනුවෙන් එකතු වෙන්න සිද්ධ වෙනවා.”

“මේ අපේ මව්බිම යළි යුදබිමට කැඳවන මොහොතක්. එදා අපේ තරුණයෝ උතුරට ගිහිල්ලා සටන් කරද්දී අපිට ඒ රණබිමට යන්න බැරි වුණා. අපිට දැන් රණබිමට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තවත් මාස 6කින් එළඹෙන ජනාධිපතිවරණයයි.”

“මෙදා අපේ රණබිම ජනාධිපතිවරණ සටන් බිමයි. අපි තුවක්කුව අරන් නෙවෙයි එතෙන්ට යන්නේ. ආයුධ වලින් සන්නද්ධ වෙලා නෙවෙයි අපි එතෙන්ට යන්නේ. අපි දැනුමෙන් සන්නද්ධ වෙලා යන්නේ. මොකක්ද මේ රට වනසන කුමන්ත්‍රණය කියන කාරණය ගැන දැනුමෙන් සන්නද්ධ වෙලායි අපි එතැනට යන්නේ.”

“මව්බිම වෙනුවෙන් එක්සිත්ව එක්සත්ව, රට වනසන වැඩබැරි මේ ආණ්ඩුව ගෙදර යවන ජාතියේ නිදහස් අරගලය නොහොත් 2019 යේ ජනාධිපතිවරණය කියන ඒ මහා පිංකමට අපිත් එක්ක එකතු වෙන්යැයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස