ජාතිවාදී විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව තුනට කැඩිලා…! – අනුර…

August 9, 2024 at 5:14 pm | by emanisa.lk

තම පෞද්ගලික වාසි වරදාන වරප්‍රසාද සහ ඇමැති ධුර සඳහා එහේ මෙහේ පනින දේශපාලනය අවසන් කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

2009 යුද්ධය අවසන් වූ පසු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් වන රටක් පොදුජන පෙරමුණ ගොඩනඟනු ඇතැයි ජනතාව විශ්වාස කළ ද එය ඉටු නොවූ බව ද ඔහු සඳහන් කරයි.

ජාතිවාදී විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අවසානයේ තුනට කැඩී ඇති බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් සහෝදරත්ව රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *