ජාතිවාදය වපුරන ඌවේ දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය අහෝසි කරනු!

February 3, 2019 at 11:04 am | by admin

13 ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි ආකාරයෙන් දෙමළ පාසල් සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමෙන් ගුරුවරුන් හා සිසුන් අතර ජාතිවාදය පැතිරී රට විනාශයට පත්වීමේ අවධානමක් ඇති වී තිබෙන බවත් ඌව පළාතේ පමණක් පිහිටුවා ඇති දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ මහ ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.

ලංකා ගුරු සේවා සංගමය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවන්ට සහ නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඌව පළාතේ දෙමළ පාසල්වල සේවය කරන සියලු සිංහල ගුරුවරුන් ඉවත් කරන බවට ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් කරන ලද ප්‍රකාශය හා අධ්‍යාපන බලධාරීන්ට දෙන ලද නියෝග සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය බදුල්ල අධ්‍යාපන සමූපාකාර සමිතියේ දී අද (3) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටියේය.

ඌව පළාත් මහ ඇමති සහ අධ්‍යාපන ඇමති චාමර සම්පත් දසනායක සිය හිතවතෙකුගේ දරුවෙක් පාසලකට ඇතුළත් කර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය පදනම් කර ගෙන මහ ඇමතිවරයාට අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. පසුව ඔහු නැවත අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් කිරීමේ උවමනාව නිසා දෙමළ පාසල් සෙන්දිල් තොණ්ඩමන්ගේ අමාත්‍යංශය යටතට පත් කිරීම සමග දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය බිහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *