කොළඹ ජාතික රෝහලේ රු. ලක්ෂ 77 මුදලක් කොල්ලකා පළා ගිය සැකකරු ලුහුබැඳ අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරියා අද (14) මරුමුවට පත්ව තිබේ.
ඔහු පසුගිය 11 වෙනිදා තවත් බුද්ධි අංශ නිලධාරියකු සමග යතුරු පැදියෙන් ගමන් කරන විට තුම්මුල්ල ප්‍රදේශයේ දී රිය අනතුරකට ගොදුරු වී ඇති අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
අදාළ ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ 24 හැවිරිදි නීති ශිෂ්‍යෙයකු බව වාර්තා වෙයි.
මෙම නිලධාරියා විසින් ජාතික රෝහලේ මුදල් කොල්ලකෑ වෛද්‍යවරයා ලුහුබැඳ අල්ලා ගත්තේ පසුගිය 09 වෙනිදාය.
මේ වෛද්‍යවරයා මෙරට 3%ක පමණ ඡන්ද පදනමක් ඇති සුළු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.