ජාතික රූපවාහිනිය විනාශ කළේ ඔබයි! සතියක් ඇතුළත ඉල්ලා අස්වනු! – සුළං කිරිල්ලි ආණ්ඩුුවට එපා වෙයි…

July 2, 2019 at 1:15 pm | by emanisa.lk

ජාතික රූපවාහිනියේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනීට සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නියෝග කර තිබේ. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති මංගල සමරවීර සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසුය.

රූපවාහිනී සේවකයන්ගේ පඩි ගෙවීම සඳහා අමාත්‍යංශයෙන් මිලියන 347ක් ඉල්ලා ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට මුදල් ඇමති මංගල මෙන්ම අගමැති ද එරෙහි වී තිබේ.

ඉනෝකාගේ දුර්වල පරිපාලනය පවතින තුරු කිසිදු මුදලක් ලබා නොදිය යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර පළමුව ඇයට ඉල්ලා අස්වන්නට දැනුම් දෙන ලෙසත් අනතුරුව ප්‍රශ්න විසඳීමටත් කටයුතු කරන ලෙසත් ඇමති රුවන්ට පවසා තිබේ.

ඒ අනුව වහාම සිය අමාත්‍යංශයට පැමිණෙන ලෙස ඉනෝකා සත්‍යාංගනීට ඇමති රුවන් දැනුම් දුන්න ද ඈ නොපැමිණි අතර ඇමතිවරයා රූපවාහිනියට ගොස් සියලු දෙනා ඉදිරියේ ඉනෝකාගේ දුර්වල පරිපාලනය පිළිබඳ දොස් පවරා සතියක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත. ඒ සමග ඇයගේ සමීපතමයකු වන සාරංග විජේරත්නට සතියක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස