ජාතික තවුහිද් ජමාද් සංවිධානය තහනම්!

April 24, 2019 at 5:10 pm | by admin

රාජ්‍ය ආරක්ෂක අමත්‍යං රුවන් විජේවර්ධන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු ජාතික තවුහිද් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

තවුහිද් ජමාද් යනු අයිසිස් ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ඉස්ලාම් කණ්ඩායම්ය. මේ වන විට ලංකාවේ ශ්‍රී ලංකා තවුහිද් ජමාද්, ජාතික තවුහිද් ජමාද් සහ සිලෝන් තවුහිද් යනුවෙන් කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක වෙයි.

මේ අතරින් මුලින්ම ආරම්භ වූයේ ශ්‍රී ලංකා තවුහිද් ජමාද්ය. අනතුරුව එයින් කැඩුණු කොටසක් ජාතික තවුහිද් ජමාද් කණ්ඩායම ගොඩ නඟා ගත් අතර සිලෝන් තවුහිද් ජමාද් යනු එම කණ්ඩායමෙන් බිඳී ගිය කොටසකි.

වසර ගණනාවක් තිස්සේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් තහනම් කරන ලෙස සමාජයේ නොයෙක් කණ්ඩායම් ඉල්ලා සිටි අතර ආණ්ඩුව ඒ සඳහා කන් දුන්නේ නැත.

කෙසේ වුවද එක කණ්ඩායමක් නොව සියලු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් තහනම් කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.  සංවිධාන අතර මතවාදීමය වශයෙන් විශාල වෙනස්කම් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස