ජාතික ආරක්ෂාව ලාභෙට ගන්න බෑ…! ලොකුම ආරක්ෂක වියදම දරන්නේ පුංචි සිංගප්පූරුව…! – ෆොන්සේකා…

November 24, 2022 at 2:47 pm | by emanisa.lk

සිංගප්පූරුවේ භූමි ප්‍රමාණය කොළඹ නගරයට සමාන වුව ද අග්නිදිග ආසියායේ විශාලතම ආරක්ෂක පිරිවැය දරන්නේ සිංගප්පූරුව බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ආරක්ෂාව ලාභදායි නොවන බවත් එය මිල අධික බවත් හෙතෙම අවධාරණය කරයි.

ලාභෙට ගත හැක්කේ මී උගුලෙහි තබන චීස් කෑල්ල පමණකැයි රුසියානු හමුදා නිළධාරියෙකු තමා සමග ප්‍රකාශ කළ බවයි, සරත් ෆොන්සේකා සඳහන් කළේ.

2023 අයවැය ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *