ජාතික ආරක්ෂාව උදෙසා ඉස්ලාම් බැංකු, අධිකරණ, පාසල්, බුර්කා, නිකාබ්, හලාල් අහෝසි කරනු! – මල්වතු මහනා හිමි

May 7, 2019 at 6:57 am | by admin

ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ආගමික අනන්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක බැංකු හා මූල්‍ය ක්‍රම, ආගමික අධිකරණ අහෝසි කර නිකාබ් බුර්කා වැනි ඇඳුම් තහනම් කිරීමට කටයුතු කළ යුතු යැයි මල්වතු මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් යෝජනා කරති. ඒ ජාතික ආරක්ෂාව සඳහා ප්‍රතිපත්තියක් සැකසීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලමින් ඒ සඳහා සිය යෝජනා ඉදිරිපත් කරමිනි.

එසේම එක් එක් ජාතිය සඳහා වෙන් වූ පාසල් අහෝසි කර සියලු අධ්‍යාපන ආයතන සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දෙන ලෙස ද ආගමික මතවාද පෝෂණය සඳහා ආරම්භ කෙරෙන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීමට ද යෝජිතය. මේ රටේ අනවසරයෙන් රැඳී සිටින පිරිස් වහාම පිටුවහල් කරන ලෙස ද වාර්ගික අනන්‍යතා අනුව කලාප වෙන් කිරීම නතර කරන ලෙස ද මුදල් අය කරමින් සිදු කරන ආහාර ප්‍රමිතිගත කිරීම නතර කරන ලෙස ද නාහිමියෝ යෝජනා කරති.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බලවේග හඳුනා ගැනීමට සහ ඒවාට ප්‍රතිපක්ෂව කටයුතු කිරීමට රටේ බුද්ධි අංශ වෙත බලය ලබාදී බුද්ධි අංශ ශක්තිමත් කිරීමට ද යෝජිතය. මල්වතු නාහිමි ජනපති අගමැති සහ විපක්ෂ නායකවරයාට මෙම ලිපිය යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස