ජාතික ආරක්ෂාව අනතුරේ! අධිආරක්ෂිත උපකරණ තොගයක් නැඟෙනහිර සරසවියට! රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් අනුමැතිය අරන් නෑ!

September 15, 2019 at 1:02 pm | by emanisa.lk

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඔලුවිල් නැගෙනහිර විශ්වවිද්‍යාලය විසින් ටෙන්ඩර් කැඳවා ඇත.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ඕලුවිල් සරසවිය විසින් ටෙන්ඩර් අංක SEU/AHEAD/ RAI/ICT/ GOODS‘NCB/2019/07 යටතේ අගෝස්තු මාසයේදී මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත. සාමාන්‍ය සන්නිවේදන උපකරණ මිලදී ගැනීමක් ලෙස හැඟවෙන ලෙස මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත. ප්‍රසිද්ධ කරන ලද ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් කීප දෙනකු ඕලුවිල් වෙත ගොස් ටෙන්ඩර අයැදුම්පත්‍ර ඉල්ලා සිටි විට රුපියල් පන්දහසක මුදලක් අයකර ටෙන්ඩර් ඉල්ලුම්පත්‍ර ලබා දී ඇත. මෙම අයැදුම්වලට අදාළ භාණ්ඩ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ඇති සියලුම තරංග ආයාමයන්ට බාධා කළ හැකි Wi-fi-jammers මෙන්ම ඕනෑම (ජංගම දුරකථන ස්මාර්ට් දුරකථන හා ස්ථාවර) දුරකථනයකට සවන්දිය හැකි Programmable Logic Controllers, Wireless Controllers හා Access Point ඇතුළත්ව තිබී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට අයත් අංකයකින් එම පුද්ගලයා ලෙස එම හඬින් කතා කළ හැකි පහසුකම්ද මෙම උපාංගවල ඇත. එමෙන්ම පරිගණක ජාලවලට ඇතුළු විය හැකි High end Computers, Servers හා Tablet උපකරණ ද ඇත.

මෙම උපකරණ අතර ඇති Face Recognition හා Iris Recognition ආරක්ෂක උපකරණ මගින් තෝරාගත් පිරිසකට පමණක් විවෘත විය හැකි ලෙස දොරවල් සකස් කළ හැකි බවද කියැවේ. මෙම අධි තාක්ෂණික උපකරණ ජාතික ආරක්ෂාවට අතිශය සංවේදී බැවින් මෙම උපකරණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගෙන ඇත්ද යන්න සැපයුම්කරුවන් ඕලුවිල් බලධාරින්ගෙන් විමසා ඇත. එහිදී ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් අනවශ්‍ය බවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ලැබී තිබෙන බවත්ය. රේගුවෙන් නිදහස් නොකළහොත් ගන්නා පියවර කුමක්ද යන්න සැපයුම්කරුවන්ගෙන් විමසූ විට ඔවුහු ප්‍රකාශ කර ඇත්තේ රේගුවෙන් නිදහස් කිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි. එම භාණ්ඩ රාජසන්තක වුවහොත් මුදල් පිළබඳ වගකීම දරන බවද පවසා ඇත.

මේ පිළිබඳ ‘සති අග අරුණ’ සොයා බැලීමේදී හෙළි වූයේ දැනට පරිගණක උපාධි අධ්‍යාපනය හැදෑරීමේදී තොරතුරු තාක්ෂණ විශේෂ උපාධිය (ITSP) පිරිනමනු ලබන රජයේ විශ්වවිද්‍යාල ඇත්තේ තුනක් පමණක් බවයි. ඒ කොළඹ, කටුබැද්ද (මොරටුව) හා කැලණිය ලෙසය. සෙසු විශ්වවිද්‍යාලවල එම්අයිටී හෙවත් කළමනාකරණ තොරතුරු තාක්ෂණය (Management Information Technology) නම් සාමාන්‍ය උපාධියක් පමණක් පිරිනමයි. එමෙන්ම අයි.ටී. විශේෂ උපාධිය පිරිනමනු ලබන කොළඹ, කටුබැද්ද හා කැලණිය විශ්වවිද්‍යාලයන්හි ඇත්තේද මෙම උපකරණ එකක් හෝ දෙකක් පමණි. උදාහරණයක් ලෙස Wi-fi Jammer (වයිෆයි ජැමර්) එකක් බැගින් විශ්වවිද්‍යාල 2-3 ක ඇත. නමුත් ඕලුවිල් බලධාරින් මෙම උපකරණ දුසිම් ගණනින් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත. එමෙන්ම මෙම මිලදී ගැනීමේ වටිනාකමද රුපියල් කෝටි ගණනක් බව කියැවේ.

සතිඅග අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස